මත්පැන් බලපත්‍ර ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර අමාත්‍යවරයා වගකීම භාරගත යුතු බව රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ මංගල සමරවීර අමාත්‍යවරයා නොදැන මත්පැන් බලපත්‍ර ලබාදීමේ හැකියාවක් නොමැති බවයි.
ඊයේ (16) පැවති නඩු කටයුත්තක් සඳහා අමාත්‍යවරයා උසාවියට පැමිනි අවස්තාවේදි මාධ්‍යවේදින් විසින් අමාත්‍යවරයාගෙන කළ ප්‍රශ්න කිරීමකට පිලිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ මංගල සමරවීර අමාත්‍යවරයාට මෙම මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ගැටළුව සම්බන්ධ වගකීමෙන් මිදීමට නොහැකි බවයි.
මේ සම්බන්ධයෙන් හෙලිදරව් කිරීමට තමන් පොරොන්දුවන බවද එහිදි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
තවද අමාත්‍යවරයා පැවසුවේ අදාල බලපත්‍ර එම බලපත්‍ර හිමි පුද්ගලයින්ගේ නමට ලියාපදිංචි කර නොමැති බවයි.
එහිද මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ තමන් උඩුගම් බලා පිහිනන කෙනෙකු බවත් අනෙක් පිරිස සිදු කරන දුෂණ වංචා සම්බන්දයෙන් හෙළිදරව් කිරීමට තමන් කටයුතු කරන බවත්ය.