එජාපයේ අර්බුදයක් නැති බව මංගල කියයි

Share

ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීමේදී එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු අර්බුදයක් නොමැති බවත්, තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිය බවත් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට ඉදිරිපත්වී සිටින බවත්, තවත් ඕනෑම කෙනෙකුට ඉදිරිපත්විය හැකි බවත් අද (17 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදි හෙතෙම සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවත්, මේ නිසා මෙය අර්බුදයක් ලෙසට ප්‍රකාශ නොකරන ලෙසත් ඒ මහතා පවසා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය කාමරයට එක්වී තීරණ නොගන්නා බවත්, සියලුම දෙනා එකට එකතු වී තීරණ ගන්නා බවත් මංගල සමරවීර මහතා  වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News