වෛද්‍ය වර්ජනය හේතුවෙන් රෝගින් දැඩි අසිරුතාවයක

Share

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවත්වන දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනය මේ වන විට පැවැත්වෙයි.

වැටුප් විෂමතා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (18) උදෑසන 08.00ට ආර්ම්භ වූ වර්ජනය හෙට (19) උදේ 08.00 දක්වා ක්‍රියාත්මකයි.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් රැසක කටයුතු අඩාළ වී ඇති බව වාර්තා වෙයි.

මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල, වකුගඩු ප්‍රතිකාර ඒකක සහ ත්‍රිවිධ හමුදා රෝහල්වල සාමාන්‍ය පරිදි සේවා සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කෙසේ වෙතත් වර්ජනය හේතුවෙන් රෝගීන් රැසක් අපහසුතාවට පත්ව තිබේ.

Read more

Local News