ටී-56 ගිනි අවියක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

Share

රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අම්පාර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ටී-56 ගිනි අවියක් ඇතුළු තවත් පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයා ගෙන තිබේ.

මෙම භාණ්ඩ අක්කරෙයිපත්තු පාලමුණෙයි ප්‍රදේශයේ ඔලුවිල් වරායට යන මාර්ගය අසල පිහිටි ඉඩමක වල දමා තිබිය දී අද (18) උදෑසන සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව ටී-56 ගිනි අවියක් සජීව පතරොම් 30 ක් හා එම මැගසින් 1 ක් සොයා ගෙන තිබේ.

ඩෙටනේටර් 7ක්, ජෙලට්නයිට් කුරූ 4 ක්, වයර්, ඇමෝනියා, යුරියා, ඇතුළු භාණ්ඩ කීපයක් ද සොයා ගෙන තිබේ.

Read more

Local News