තමා සතුව ඇති කෑදරකමක් ගැන සජිත් කියයි

Share

රටට සේවය කිරීමේ දැඩි කෑදරකමක් තමා සතුව ඇති බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රජා ජනාවාස කමිටු පිහිටුවීමේ කළුතර දිස්ත්‍රික් සම්මේලනය අමතමින්.

රටක් පාලනය කරනවා යනු සෑම ජන කොට්ඨාශයකට සේවය කිරීමක් බව පැවසු අමාත්‍යවරයා, ඔවුන් සියලු දෙනාටම තෘප්තිමත් තැබීම බවත් පැවසීය.

නායකයෙකුට මුහුණ දිහා බැලීමේ දී තෘප්තිමත් ජීවිතයක් ගත කරන බව පෙනී යා යුතු බවත්, මලානික මුහුණ දුටු විගස කොතැනක හෝ හරි නැති බව තේරුම් ගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

තමන්ගේ හිතේ ලොකු කෑදරකමක් ඇති බවත් ඒ වෙන දෙයක් නොව රටට සේවය කිරීමේ කෑදරකම යනුවෙන් ද කියා සිටියේය.

තමාට මන්දිරවලට යන්න ආසවක් නොමැති බවත් පැවසු අමාත්‍යවරයා, තමා බොහෝ දුක්විඳ ජනතාවට වැඩ කිරීමට කැමති අයෙක් බවත් පැවසීය.

සියලු දෙනා එක්ව රටේ යුග පෙරළියක් ඇති කරමු යන යෝජනාව තමා කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News