2019 ඡන්ද හිමි නාම ලේඛනයට ඉල්ලුම් කිරීම අදින් අවසන්

Share

2019 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි නොවී ඇත්නම් ඊට අදාළ හිමිකම් ඉල්ලුම් කිරීමේ අවසන් දිනය අදයි.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඒ අනුව අද දිනය තුළ හිමිකම් පත්‍ර සම්පුර්ණ කර තමන් අයත් දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාල වෙත භාර දිය යුතු බවයි.

අදාළ හිමිකම් පත්‍ර ග්‍රාම නිලධාරී මගින් හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මගින් ලබාගත හැකි බව ද කොමිෂන් සභාව සඳහන් කළේ ය.

2019 ජුනි 01 වන දිනට වයස අවුරුදු 18 සම්පුර්ණ වූ සියලු ශ්‍රී ලාංකිකයින් ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි විය යුතු වේ.

Read more

Local News