දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් හෙට මැතිවරණ කොමිසමට කැඳවයි

Share

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන්, නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් හෙට මැතිවරණ කොමිෂන් සභාවට කැඳවීමට නියමිත වේ.

එහි අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් මහතා ප්‍රකාශ කළේ, ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා මෙම කැඳවීම සිදු කර ඇති බවයි.

අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් මහතා ප්‍රකාශ කළේ,හෙට පෙරවරුවේ එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

එළැඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සහ අනෙකුත් කටයුතු පිළිබඳ ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.

ලබන නොවැම්බර් මස 16 වැනි දා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා 2018 ඡන්ද හිමි නාම ලේඛනය යොදා ගැනීමට නියමිත වේ.

ඒ අනුව මෙවර ජනාධිපතිවරය වෙනුවෙන් සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනු දෙදහස් අනුහයකි.

Read more

Local News