ශ්‍රිලනීපය, ජවිපෙ සමග සාකච්ඡාවකට සැරසෙයි

Share

ජනාධිපතිවරණයේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණ සමඟ සාකච්ඡා කිරීමට සුදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

කුරුණෑගලදී ඊයේ(18) මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරණය සඳහා තනිව තරග කළ යුතු බවට ගමේ සිටින ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් විසින් ඉල්ලා සිටිනු ලබන බව මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම පොදු ජන පෙරමුණ සමඟ ඇති ගැටළුව විසඳා ගත නොහැකි වුවහොත් විකල්ප ගනණාවත් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රට තුළ ඇති කළ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ශක්තිමත්ව තබා ගැනීම සඳහා කැපවන බවත් ඒ ඕනෑම බලවේගයකට විරුද්ධව පෙනීසිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Read more

Local News