මෙරටට අයිස් ගෙනා ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

Share

අයිස් නැමති මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල සැකකරු අද (19) අළුයම 1.40 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 001 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ පිහිටි රක්ත මාවත ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් ඔහුගේ ගමන් මල්ලේ සඟවා ගෙන තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.

එහි රුපියල් අසූ හය ලක්ෂ හතලිස් දෙදහස් එකසිය පනහක් (86,42,150 )ක් වටිනා මෙම මත්ද්‍රව්‍ය තොගය පාර්සල් දෙකක් ලෙස සකස් කර තිබූ අතර, ඒවායේ මුළු බර ග්‍රෑම් 864.215 ක් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Read more

Local News