කොටහේනේ මාර්ගයක ගමනාගමනය සීමා කෙරේ

Share

කොටහේන පොලිස් වසමේ ශාන්ත ලුසියා වීදියේ බොංජියන් පටුමග සිට 06 වන පටුමග දක්වා මාර්ගයේ හෙට (20) සහ ඉදිරි දින කිහිපයකදී ගමනාගමනය සීමා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ජල නල එළීමක් වෙනුවෙන් එම මාර්ගය හෙට රාත්‍රී 10.00 සිට 23 දින අළුයම 5.00 දක්වා සහ 27 වනදා රාත්‍රී 10.00 සිට 30 වන දින අළුයම 5.00 දක්වා ද වාහන ගමනාගමනය සීමා වෙයි.

එම කාලය තුළ එම මාර්ගයෙන් ගමන් ගන්නා රථ වාහන විකල්ප මාර්ග භාවිත කළ යුතු බවත් ඒ සඳහා බොංජියන් පටුමඟ, වාසල පාර, මෙෆීල්ඩ් පාර ඔස්සේ ගමන් කිරීමට හැකි බවත් පොලිසිය පවසයි.

Read more

Local News