අල්ලස් ගත් කොස්තාපල්වරයෙක්ට වසර දෙකක සිරදඬුවමක්

Share

අල්ලස් චෝදනාවලට වරදකරු කෙරුණු පොලිස් කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කර ඇත.

එම සිර දඬුවම වසරකින් ගෙවී යා යුතු බවට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා සිර දඬුවමට අමතරව රුපියල් 50000ක දඩයක් ද නියම කළේය.

මෙසේ සිරදඬුවම් නියම වුණේ මට්ටක්කුලිය පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුටයි.

2011 වසරේ ජුනි මස 12 වනදා මට්ටක්කුලිය, කදිරාන වත්ත මාර්ග බාධකයකදී ඖෂධ පනත යටතට ගැනෙන භාණ්ඩ තොගයක් එහි මුල් ලියාපදිංචි සහතික නොමැතිව එහි ඡායා පිටපතක් යටතේ ප්‍රවාහනය කිරීමට අවශ්‍ය අනුමැතිය දීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 25,000 ක අල්ලසක් ඉල්ලා එය ලබාගැනීම තුළින් වරදක් සිදුකර ඇතැයි චෝදනා කර අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවරදකරු කළ මහාධිකරණ විනිසුරුවරයා ඉන් අනතුරුව එම දඬුවම් නියම කළේය.

Read more

Local News