නෙළුම් කුලුන ගැන ප්‍රකාශය ජනපති නිකන් කළේ නෑ ?

Share

නෙළුම් කුලුන ඉදිකිරීමේදී සිදුවු අක්‍රමිකතාව පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කළ ප්‍රකාශය පොදු ජන පෙරමුණ සමඟ සන්ධානගත වීම සඳහා බලපෑමක් නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් පල කරමිනි.

නෙළුම් කුලුන ඉදිකිරීමේ දී එසේ මූල්‍යමය අක්‍රමිකතාවක් සිදු වී ඇත්නම් ඒ සඳහා සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට පමුණුවා ඔවුන්ට දඬුවම් කළ යුතුය යන යෝජනාව විරුද්ධ පක්ෂයෙන්ද පැමිණිය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“ජනාධිපතිතුමා එහෙම එකක් කිව්වානම් ජනාධිපතිතුමා සමඟ අත්වැල් බැඳගෙන මේ පිළිබඳ හොයන්න ඕනෙ.

මේ පිළිබඳ අනෙක් පාර්ශවය දැක්විය යුතු ප්‍රතිචාරය ඕක නෙවෙයි. එහෙම දක්වන්න එයාලට අයිතියකුත් නෑ.

නෙළුම් කුලුන ගැන ප්‍රකාශය ජනාධිපතිතුමා නිකන් කළේ නෑ.

ටී ආර් සී එක මැදිහත් වෙලා, කෝප් කමිටුවෙන් මේ ගැන විමර්ශන සිදු කරයි.”

Read more

Local News