Tuesday, March 19, 2024.

කංජිපානි තවදුරටත් රිමාන්ඩ්

Share

විදේශයක සිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණිය තර්ජන එල්ල කළේ යැයි කියන දැනට සිරදඬුවම් නියම වී සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන කංජිපානි ඉම්රාන් නමැත්තා ලබන 04 වනදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලීසිය අධිකරණය හමුවේ දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් ලබන 4 වන දා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කළ වාර්තාවකට අනුව කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් විසින් කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ සගයකු බව කියන කේමදාසන් තුෂාන්තන් හෙවත් සුසන්ත නමැති හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 20කට අධික සංඛ්‍යාවක් සමග පසුගිය කාලයේ අත්අඩංගුට ගෙන තිබූ බව ප්‍රකාශ කර තිබේ.

එම අවස්ථාවේ විදේශගතව සිටි කංජිපානි ඉම්රාන් දුරකථන මාර්ගයෙන් එම වැටලීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජන එල්ල කොට අසභ්‍ය වචනවලින් බැන වැදී මරණීය තර්ජන කර ඇතැයි ද ප්‍රකාශ කළ කෙසෙල්වත්ත පොලීසිය මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස කංජිපානි ඉම්රාන් නම්කර ඇත.

Read more

Local News