Tuesday, March 19, 2024.

කඩවර දේවාලයේ පෙරහැර නිසා මාර්ගවල අවහිරතාවක්

Share

බොරලැස්ගමුව, පිල්ලෑව බෝ සමිඳු විහාරයේ කඩවර දේවාලයේ ආශිර්වාද පෙරහැර වීදි සංචාරය කිරීම හේතුවෙන් ඒ අවට මාර්ගවල අවහිරතාවක් අතිවිය හැකි බව පොලීසිය පවසයි.

අද (21) රාත්‍රි 08.00ට පෙරහැර විහාරස්ථානයෙන් ආරම්භ වීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ පැමිණෙන පෙරහැර දිවුලපිටිය හංදියට ගමන්කර නැවත පිළියන්දල මාර්ගයේ ගමන් කරයි.

අනතුරුව බොරලැස්ගමුව මහා විද්‍යාලය අසලන් ආපසු හැරීබොරලැස්ගමුව හංදියට පැමිණ යළි විහාරස්ථානයට පැමිණීමට නියමිතව ඇත.

මේ හේතුවෙන් මහජනතාවට සහ රියදුරන්ට සිදුවන අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම්දෙන බවයි පොලිසිය සඳහන් කළේ.

Read more

Local News