ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් – කිරිඇල්ල

Share

වත්මන් රජය විසින් නීතියේ ස්වාධීන බව ආරක්ෂා කිරීමට කටයුතු කරමින් එකිනෙකා අතර සුහදත්වය වර්ධනය කරමින් ජාතීන් අතර සමඟිය ගොඩනැංවීමට අවශ්‍ය කටයුතු සිදු කළ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා දංතුරේ ශ්‍රී බුද්ධරක්ඛිත හිමි අනුස්මරණ ශාලාවේදී පැවති වැඩසටහනක් අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කලේ බුදුන් වහන්සේගේ දේශනා වලට අනුව ආමිස පූජාවට මෙන්ම ප්‍රතිපත්ති පූජාවටද මූලිකත්වය දෙමින් මේ පාලන සමය රට පාලනය කල බවත්, සැකයකින් භීතියකින් තොරව ජනතාවට ජීවත් වීමේ අවකාශයක් මෙම රජයෙන් ගොඩනැගූ බවයි.

පසුගිය පාලන සමයට සාපේක්ෂව යහපාලන පාලන සමය නීතියේ ස්වාධීන බව ආරක්ෂා කිරීමට කටයුතු කල අතර එකිනෙකා අතර සුහඳත්වය වර්ධනය කරමින් ජාතීන් අතර සමගිය ගොඩනැංවීමට අවශ්‍ය කටයුතු සිදු කල බවත් ඔහු අවධාරණය කළේය.

තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ විසි වසරක් තිස්සේ රටට අහිමි වී තිබූ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට කටයුතු කරමින් තොරතුරු දැන ගැනීමේ පනත බලාත්මක කරමින් ජනතාවට අවශ්‍ය කරන ප්‍රජාතන්ත්‍රවාදය ලබාදීමට කටයුතු කිරීමට හැකිවීම මෙරට ජනතාව ලැබූ විශාල ජයග්‍රහනයක් බවයි.

සිංහල බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ සියලු ජාතීන්වල සියලු ආගම් වල ජනතාවට නිදහසේ ජීවත්වීමට හැකි රටක් ගොඩනැගීම වෙනුවෙන් ඇප කැපවී ක්‍රියා කළ බව ද ඔහු සඳහන් කළේය.

Read more

Local News