ගෝඨා තලවිල ශාන්ත ආනා දෙව් මැඳුරට යයි

Share

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (22) පස්වරුවේ තලවිල ශාන්ත ආනා දේවස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගත්තේය.

තලවිල ශාන්ත ආනා දේවස්ථානයට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාව ප්‍රදේශයේ මහජන නියෝජිතයන් විසින් පිළිගනු ලැබූ අතර අනතුරුව ඔහු ආශිර්වාද දේව මෙහෙයකට සහභාගි විය.

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ පාලක පියතුමා වන ලයිලි ප්‍රනාන්දු පියතුමා මෙහිදී පවසා සිටියේ, නායකත්වයට යන සෑම අයෙක්ම ඕනෑම අයෙකුට සේවකයා විය යුතු බවත්, ගෝඨාභය මහතාගේ නායකත්වය යටතේ රට මෙහෙය වීමට ගන්නා උත්සහයට ආශිර්වාද කරන බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා දේවස්ථානයෙන් පිටව යන අවස්ථාවේ රැස්ව සිටි ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

Read more

Local News