වත්මන් අධ්‍යාපන ඇමත ත්‍රස්තවාදී සහරාන්ටත් වඩා භයානකයි

Share

1994 වසරේ අංක 19 දරන අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිෂන් සභා පනතේ 11වන වගන්තිය අනුව එහි අධක්ෂක ජනරාල්වරයාට නඩු පැවරීමට හැකි වන්නේ කොමසාරිස්වරු නියෝගයක් කළහොත් පමනක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරිය දිල්රුක්ෂි ඩයස් මහත්මි පසු ගිය දා හෙළි වු ප්‍රකාශය සම්බන්දයෙන් අදහස් දක්වමින් අද (23) එම පක්ෂ කර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

එතුමිය පවසන පරිදි එතුමියගේ හිතු මනාපෙට කිසිදු අයුරකිත් නඩු පැවරීමට ඇයට අයිතියක් හෝ බලයක් නොමැති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

දිල්රුක්ෂි ඩයස් මහත්මිය යනු අල්ලස් කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය පමනක් නොව වර්තමාන සොලිසිටර් ජනරාල්වරිය බවත් එම තනතුරු නීතිපති දෙපාර්තමේන්තුවේ දෙවන නිලය බවත් ඒ අනුව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුට සමාන බවත් මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

එවන් බරපතල තනතුරක් හොබවන තැනැත්තියක්, තමන් දේශපාලන බලපෑම් අනුව කටයුතු කළ බවට පිලිගෙන තිබෙන රට හමුවේ මේ වන විට හෙළි වි ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එම නිසා මේ සම්බන්ධයෙන් තමන්ට බලපෑමක් සිදුවුවාද නැද්ද යන්න කොමසාරිස්වරු රටට පැවසීය යුතු බද එසේ කළ නොහැකි නම් අධ්‍යක්ෂක ජනරාල්වරිය සිය හිතු මනාපෙට මෙලෙස නඩු පැවරුවේද යන්න පැවසිය යුතු බවද මන්ත්‍රීවරයා පවසයි.

එසෙත් නොමැති නම් අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ විශ්වසනීයත්වය සහ ගෞරවය රැකගැනිම සඳහා සියළුම අධ්‍යක්ෂවරු ඉල්ලා අස් විය යුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

තවද වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසුවේ වත්මන් අධ්‍යාපන ඇමාත්‍යවරයා ත්‍රාස්තවාදී සහරාන්ටත් වඩා භයානක බවයි.

එයට කරුණු දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ සෞඛ්‍යට අහිතකර තත්ත්වයේ ටැබ් පරිඝණක යන්ත්‍ර උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ලබා දීමට අමාත්‍යවරයා කටයුතු කර ඇති බවයි.

තමන්ට උදව් කරන සමාගමකට ටැබ් පරිගණක ටෙන්ඩරය ලබාදීමට අධ්‍යාපන ඇමතිතුමා දැරූ උත්සහයක් හේතුවෙන් අනාගත පරපුර වඳවීමේ අවදානමක් මතුවී තිබෙන බවද මන්ත්‍රීවරයා පවසයි.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“ටැබ් පරිගණක ලබා දෙන්නේ උසස් පෙළ දරුවන්ට.  ඒ අය මේවා උකුලේ තබාගෙන කටයුතු කරන්නේ.  ටැබ් පරිගණක මගින් නිකුත් කරන විකිරණ සහ තරංග හේතුවෙන් පිරිමින්ගේ ශුක්‍රානු වල ජීව කාලය අඩු කරනවා වගේම ශුක්‍රානු කැබිලි වීමේ අවදානමක් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධාණය පවා ප්‍රකාශකර තිබෙනවා.

මේ බව Use of Laptop Computers connected to internet through WiFi decreases human sperm Motility and increases sperm DNA Fragmentation යන විද්‍යාත්මක නිබන්ධනයේ ඉතාම පැහැදිලිව සඳහන් වී තිබෙනවා.

ඊට අමතරව අන්ධභාවය, ටිෂූ ඉරීම, තුවාල ඇති වීම, ඉන්ද්‍රින් අක්‍රියවීම පිළිකා ඇතිවීම සහ ලෙඩ වලට ඔරොත්තු දීමේ හැකියාව අඩු වීම වැනි රෝග ගණනාවක් නිසි ප්‍රමිතියෙන් තොර පරිගණක වලින් නිකුත්වෙන විකිරණ සහ තරංග හේතුවෙන් සිදුවිය හැකි බව  සෞඛ්‍ය සංවිධාන සහ විද්‍යාත්මක පර්යේෂකයන් විසින් හෙළි කර තිබෙනවා.

මේ කරුණු මත මිළ දී ගැනීම සඳහා පිරිවිතර සකස් කළ විශේෂඥ කමිටුව විසින් සැපයීමට ඉදිරිපත් කරන සෑම ටැබ් පරිගණකයක්ම සෞඛ්‍යයට හිතකර බවට ඇමෙරිකාවේ පෙඩරල් සන්නිවේදන කොමිසමේ සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට කොන්දේසියක් දැම්මා.

ඇමතිතුමාගේ අවාසනාවට ඇමතිතුමාට හිතවත් සමාගමට මෙම සහතිකය ඉදිරිපත් කරන්න බැරි වුණා.  ඒ නිසා අවශ්‍ය ප්‍රමිතියට ටැබ් පරිගණක නැති පදනමින් මේ සමාගම ප්‍රතික්ෂේප වුණා.

ඇමතිතුමා මොකද කලේ?  තමන්ට අවශ්‍ය සමාගම අනුමත නොකළ තාක්ෂණික කමිටුව ඉවත් කරලා අළුත් කමිටුවක් පත් කර ගන්න උවමනා වුණා.  ඒ අනුව 2017.07.12 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විසින් රාජ්‍ය මුදල් දෙපාරතමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ට ලිපියක් යවමින් තාක්ෂණික කමිටුව ඉවත් කර නව කමිටුවක් පත් කරන මෙන් ඉල්ලා සිටිනවා.”

Read more

Local News