සුරේෂ් සලේගේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් නොකිරීම ගැන රෝහල් අධ්‍යක්ෂට නොතිසි

Share

රෝහල්ගතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේගේ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 22 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නොතිසි නිකුත් කර තිබෙනවා. මේ අතර, විමර්ශනවලට අවශ්‍ය පුද්ගලයකු බව සඳහන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු පොලිස් පරීක්ෂක රන්ජන් සෙනරත් බණ්ඩාරට විදේශ ගමන් තහනමක් පැනවීමට ද අධිකරණය නියෝග කළා.

Read more

Local News