පළාත් 5කට තද වැසි – වැඩිම වැස්ස කිරිඳිවැලට ‍- දිස්ත්‍රික්ක 3කට නාය යෑම් අනතුරු ඇඟවීම් (VIDEO)

Share

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායු ගෝලයේ ඇති කැළඹිලි ස්වභාවය හේතුවෙන් පළාත් 05 කට තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ ගම්පහ කිරිඳිවැල ප්‍රදේශයෙනුයි. එය සටහන්ව ඇත්තේ මිලිමීටර් 146.5 ක් ලෙසයි. පවතින වැසි තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 03 ක් සඳහා නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News