දිල්රුක්ෂි ඩයස්ට එරෙහිව විධිමත් විමර්ශනයක් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්

Share

ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවෙකු වන ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධීර මහතා සමග දුරකතන සංවාදයක යෙදීමෙන් වෘත්තිය ආචාර ධර්ම කඩ කළේ යැයි චෝදනා එල්ලවී ඇති සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට එරෙහිව විධිමත් විමර්ශනයක් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී තිබේ.

ඒ අනුව දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විසින් සොලිස්ටර් ජනරාල්වරිය ලෙස මෙතෙක් කළ රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා අතිරේක සොලිස්ටර් ජනරාල් සංජය රාජරත්න මහතා නීතිපතිවරයා විසින් තාවකාලිකව පත් කර ඇත.

Read more

Local News