අමතර බස්-දුම්රිය ධාවනයෙන් සාපෙළ දරුවන්ට සහන

Share

දුම්රිය රියැදුරු වර්ජනයක් පැවතුණ ද ඊයේ (12) අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන්ට විභාග මධ්‍යස්ථාන කරා පැමිණීමට විශේෂ අමතර බස්රථ සහ දුම්රිය සේවාවක්ද යොදා තිබීම හේතුවෙන් අපේක්ෂකයන්ට විභාග මධ්‍යස්ථාන කරා පැමිණීමට කිසිදු අපහසුතාවක් සිදුවු බවට දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් වාර්තා නොවිණි.

අපොස සාමාන්‍ය පෙළ විභාගයට සහභාගී වන දරු දැරියන්ගේ පහසුව සඳහා ශීඝ්‍රගාමී දුම්රියන්, අර්ධ දුම්රිය සේවා ලෙස ක්‍රියාත්මක කිරිමටද දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි. විභාග අපේක්ෂකයන්ගේ අනන්‍යතාව අනුව දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර සඳහා පුද්ගලික බස් රථ වලින් ගමනාගමන පහසුකම් ලබා ගැනීමටත්, වර්ජන කාලය තුළ ජාතික ගමනාගමන කොමිසමේ බලපත්‍රය සහිත බස්රථයකට ඕනෑම මාර්ගයක ධාවනය කිරීමටත් අවසර ලබා දී තිබීමද සිසුන්ගේ අපහසුතා මග හැරවීමට හේතු විය.

Read more

Local News