සාමණේර හිමිවරුන් දෙනමකට පහර දුන් උටියා ඇප මත මුදා හැරේ

Share

හෙරොව්පතාන ප්‍රදේශයේ පිරිවෙන් විහාරස්ථානයක සාමණේර හිමිවරුන් දෙනමකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගම්මැදේ චමින්ද ගලබොඩ හෙවත් උටියා නමැත්තා ඇප මත මුදා හැර තිබේ.

සාමණේර හිමිවරුන් දෙනමකට අදාල සැකකරු විසින් පහරදෙන වීඩියෝවක් ප්‍රචාරය වීමත් සමඟ සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කළ හොරොව්පතාන පොලිසිය පසුගිය 11 වනදා සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

අනතුරුව පදවිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු අද (24) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණේය.

අදාල නඩුව අද කැබිතිගොල්ලෑව වැඩබලන දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ අල්විස් මහතා ඉදිරියේ කැදවු අවස්ථාවේ සැකකාර චමින්ද ගලබොඩ හෙවත් උටියා නමැත්තා රුපියල් දස දහසක මුදල් ඇපයක් මත මුදා හැර තිබේ.

අනතුරුව සිද්ධිය සමථ මණ්ඩලයට යොමු කිරීමට ද මහේස්ත්‍රාත්වරයා පියවර ගත් බව වාර්තා වෙයි

Read more

Local News