ආපදාවෙන් 80 000 කට වැඩි පිරිසක් පීඩාවට

Share

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 08කට බලපෑම් එල්ල වී තිබේ.

ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, කොළඹ, ගම්පහ, නුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වලට වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වි ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

පවුල් 20,815 කට අයත් පුද්ගලයින් 80,007 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර කළු, ගිං සහ නිල්වලා යන ගංගා වල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ද තවදුරටත් ඉහල යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර දිවයිනේ නිරතදිග කොටසේ දැනට පවතින තද වැසි තත්ත්වයේ තරමක අඩුවිමක් හෙට (26) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News