පාකිස්තානයේ භූ කම්පනයක් – 300 කට තුවාල

Share

පාකිස්තානයේ ඇති වූ භූ කම්පනයකින් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් 300 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බව වාර්තා වෙයි.

භූ කම්පනයේ අගය රික්ටර් මාපකයේ 5 යි දශම 8 ක් ලෙස සටහන්වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මීර්පූර් ප‍්‍රදේශයේ මහා මාර්ග හා රථ වාහන වලට දැඩි අලාභ හානි සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ නිවාස රැසක් කඩාවැටී ඇති බවත් භූ කම්පනය ඇති වීමත් සමඟ ගොඩනැගිලි වල සිටි පුද්ගලයින් ඉවතට පැනීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් ප‍්‍රමාණය වැඩි බවයි.

ආපදාවට පත් වූවන්ට කඩිනමින් සහන සැලසීම ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News