මුන්දලම වෙරළට ඩොල්ෆින් සිරුරු ගොඩ ගසයි

Share

මුන්දලම පල්ලිවාසල්පාඩු වෙරළට අද (25) අලුයමත් දින කිපයකට පෙරත් මරණයට පත් ඩොල්ෆින් සිරුරු දෙකක් ගොඩ ගසා තිබු බව ධිවරයින් පවසයි.

අද දින අලුයම පල්ලිවාසල්පාඩු වෙරළට ගොඩ ගසා තිබු ඩොල්ෆින් මත්ස්‍යාගේ සිරුරේ තැනිත් තැන ලේ සහිත තුවාල තිබු ආකාරය දැක ගත හැකිවුනී.

එසේම මෙයට පෙර දින තුනකට පෙර පල්ලිවාසල්පාඩු වෙරළේ  කණ්ණාඩි මාදැල ආසන්නයේ වෙරළට ගොඩ ගසා තිබු අතර මේ වන විට එම සිරුර නරක් වි තිබු ආකාරය දැක ගත හැකි විනි.

පල්ලිවාසල්පාඩු ධිවරයින් පවසන්නේ ඇතැම් ධිවරයින් ඩොල්ෆින් සැරිසරන කලාපයේදී මෙම මත්ස්‍යයින්  මරා දැමිමෙන් පසුව මෙම වෙරළට ගොඩ ගසන්නට ඇති බවයි.

කෙසේ නමුත් මෙම ඩොල්ෆින් මත්ස්‍යයින් දෙදෙනාම අඩි හයකට ආසන්න දිගකින් යුක්ත වන අතර කිලෝ 100 කට වැඩි බරකින් යුක්ත බව කියයි.

Read more

Local News