ටිකිරි අද අවසන් ගමන් යයි

Share

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පසුගිය දා කථා බහට ලක් වු “කෑගල්ල ටිකිරි“ නම් ඇතින්න ඊයේ (24) සවස මිය ගොස් තිබේ.

මෙම ඇතින්න මිය යන විට වයස අවුරුදු 78ක් පමණ වූ බව වාර්තා වෙයි.

කෑගල්ල වනජීවි නිලධාරීන් විසින් මෙම ඇතින්නගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.

“ටිකිරිගේ“ අවසන් කටයුතු අද (25) සවස සිදු කිරීමට නියමිතව ඇති අතර අද උදෑසන භික්ෂූන්වහන්සේලා පහලොස් නමක් විසින් පාංශුකූලයද පවත්වනු ලැබීය.

දැඩි ලෙස වයස් ගත වීම සහ රෝගී තත්ත්වය හේතුවන් ඇතින්න මියයන්ට ඇති බව වාර්තා වෙයි.

Read more

Local News