ස්වාර්ණාභරණ තොගයක් සොරාගත් 4ක් අත්අඩංගුවට

Share

තලාතුඔය, ගාල්තැන්න ප්‍රදේශයේ දේවාලයක සිදු වූ රන් ආභරණ කොල්ලය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (25) අළුයම දේවාලයට පැමිණි පුද්ගලයින් 06 දෙනෙකු විසින් එහි සිටි පුද්ගලයින් බිය ගන්වා අත්පා ගැටගසා රුපියල් ලක්ෂ 04කට පමණ මුදලක් සහ රත්‍රං කිලෝග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් කොල්ලකා තිබුණි.

මාර්ගය දෙපස සවිකර තිබී සී.සී.ටී.වී දර්ශන පරික්ෂා කිරිමෙන් පසු සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය තලාතුඔය පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

Read more

Local News