දක්ෂිණ අධිවේගයේ අනතුරකින් කතුන් 2ක් මරුට

Share

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ හා ගැලනිගම අතර 31.7 ස්ථානයේදී සිදුවු අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇත.

මාතර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් එම දිශාවටම ඊට ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක පිටුපස ගැටී සිදුවු මෙම අනතුරෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

ඊයේ (25) රාත්‍රියේ සිදුවු අනතුරෙන් ජීප් රථයේ රියැදුරු හා එහි ගමන් ගත් කාන්තාවන් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර රියදුරු හා එක් කාන්තාවක් නාගොඩ රෝහලට ද, කාන්තාවන් දෙදෙනකු බණ්ඩාරගම රෝහලට අනෙක් කාන්තාව හොරණ රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී බණ්ඩාරගම රෝහලට හා නාගොඩ රෝහලට ඇතුළත් කළ කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇත.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News