අකුණු සැර වැදී ධීවරයෙක් මරුට

Share

පුත්තලම – පාලාවිය කලපුවේ මසුන් අල්ලමින් සිටි ධීවරයෙකු අකුණු සැරවැදීමෙන් ඊයේ (29) දින මිය ගොස් තිබේ.

අකුණු සැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ පාලාවිය – පුලිදිවායල් පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙක්.

අකුණු සැර වැදීමෙන් කම්පනයට පත්ව සිටි ධීවරයාව එම අවස්ථාවේදීම පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ඒ වන විටත් ඔහු මියගොස් තිබී ඇති බව වාර්තා වෙයි.

Read more

Local News