ජනපතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන්

Share

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද අවසන් වීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන මස 30 සහ 31 වන දා පැවැත්වෙනු ඇති.

කෙසේ වෙතත් දුම්රිය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක නියෝජිතයින් ආරම්භ කර ඇති වැඩ වර්ජන හේතුවෙන් ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීමේ දිනය කල් යාමට ඉඩ ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පැවසුවේ ය.

ඔහු පැවසුවේ, ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති අතර ඒ පිළිබඳව තීරණය කිරීම සඳහා අද දිනයේ සාකච්ඡාවක් පැවැත්වෙන බව ය.

Read more

Local News