අපි මහජනතා මුදල් සතයක්වත් නාස්ති කරලා නෑ – අනුර

Share

වංචනිකයන්ට දඬුවම් දීම සඳහා පිහිටුවා ඇති ආයතන වර්තමානයේදී දූෂණයට ලක්ව ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජාතික ජනබලවේගය බදුල්ල ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජනහමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වංචාව හා දූෂණය සඳහා දඬුවම් දීමට ඇති ආයතන පළමුකොටම ශක්තිමත් හා පිරිසිදු කිරීම තම පළමු කාර්ය බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම නීත්‍යානුකූල නොවන ලෙස උපයාගෙන ඇති සියලු ධනය යළි අත්පත් කරගන්න පාලනයක් ගොඩනඟන බවත් ඔහු ප්‍රකාශ කළේය.

අදූෂිත දේශපාලනය පිළිබඳ සාකච්ඡාවක් ගෙන යා හැක්කේ ජාතික ජන බලවේගය නියෝජනය කරන කරන අපේක්ෂකයාට පමණක් බව අනුර කුමාර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

එසේම තම පාර්ශවය මහජනතාවගේ මුදල් සතයක් හෝ නාස්ති නොකළ හා හොරකම් නොකළ අය බවත් ඒ මහතා කියා සිටියේය.

Read more

Local News