ඉදිරි ආණ්ඩුවකදී ගෝඨා කරන දෙයක් මෙන්න

Share

ඉදිරි ආණ්ඩුවකදී වතුකරයේ ජනතාවට ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කොළඹදී ඊයේ පැවති උත්සවයකදීයි.

ලංකා වතුකම්කරු එක්සත් පෙරමුණේ සුහද හමුව ඊයේ කොළඹදි පැවැත්වුණු අතර ඊට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණි.

තමා ඇතුළු පොදු ජන පෙරමුණ දමිළ ජාතීන් සමඟ මිත්‍ර පක්ෂයක් නොවන බවට වන මතය විරුද්ධ පාක්ෂිකයිනි විසින් නිර්මාණය කර ඇති බවත් රටේ සෑම පුරවැසියෙකුටම සාමයෙන් ජීවත් වීමේ පසුබිමක් ගොඩනැගීම පසුගිය කාලයේ සිදු කළ බවත් ඒ මහතා පවසයි.

වතුකරයේ ජනතාවගේ ගැටලු පිළිබඳ අවබෝධයක් තමන්ට ඇති බවත් වතුකරයේ කම්කරු ජනතාවටත් ජීවත් වීමට සුදුසු පරිසරයක් ගොඩනැගීමට පොදු ජන පෙරමුණු රජයක් යටතේ ඉදිරියේදී කටයුතු සිදු කරන බවත් ගෝඨාභය මහතා පවසයි.

එහිදී අදහස් දැක්වු මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමීම පොදුජන පෙරමුණු රජයක් යටතේ සිදු කරන බවයි.

Read more

Local News