තැපැල් ඡන්ද අයඳුම් කිරීමේ කාල සීමාව දීර්ඝ කරයි

Share

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන තැපැල් ඡන්ද අයඳුම් කිරීමේ කාල සීමාව දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ඔක්තොම්බර් මස 4වනදා දක්වා එම කාලය දිර්ඝ කර කළ බවයි.

අද (30) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විනි.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා විය.

මීට පෙර තැපැල් ඡන්ද අයඳුම් කිරීමේ අවසන් කාලසීමාව අදින් (30) අවසන් වීමට නියමිතව තිබුණි.

Read more

Local News