ඇතින්නීයන් මියයෑම සම්බන්ධයෙන් ජනපති, අගමැති සමඟ හෙට විශේෂ සාකච්ජාවක්

Share

හබරණ හිරිවඩුන්න තුන්බිකුලම රක්ෂිතයේ වන ඇතින්නියන් අස්වාභාවික ලෙස මිය යෑම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති, අගමැති සහ විෂය භාර ඇමතිවරයා සමඟ හෙට (01) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව වනජීවී සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතුය රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පවසයි.

හබරණ ප්‍රදේශයේ වන අලින් මිය යෑම සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිර යෑම සහ එහි පරීක්ෂණ තත්ත්වයන් පිළිබඳව දීර්ඝ වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානයට යොමු කරවීම මෙන්ම රටේ අලි මිනිස් ගැටුම සීමා කිරීම සඳහා විවිධ අදහස් මෙහිදී යෝජනා ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

විශේෂයෙන් මෙම ව්‍යසනය සිදුව තිබෙන අවස්ථාවක වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ සිට කිසිදු නිළධාරිවරයෙකු රජය දැනුවත් නොකිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මෙම ඇතින්නියන් මිය යෑම සම්බන්ධයෙන් සමාජය පුරා පැතිර යන විවිධ කටකතා ඔස්සේ ජනතාව නොමග යවන බවත් මේ සම්බන්ධයෙන් තමන් එම ස්ථානයට ගොස් සොයා බලා කටයුතු කළ බවද හෙතෙම පවසයි.

රජය වගකීම භාර ගන්නා බව තමන් සිදු කළ ප්‍රකාශයේ අරමුණ වූයේ විදුලි වැටවල් ක්‍රියාත්මක නොවීම වන අලි සහ ජනතාව අතර පවතින ගැටළුවට විසඳුම් සොයා ගැනීමට අපොහොසත් වීම නිසා මෙවැනි සිදුවීම් වල රජයක් ලෙස එහි වගකීම භාර ගන්නා බව පමනක් බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

කෙසේ වෙතත් එම ප්‍රකාශ විකෘති කරමින් ප්‍රතිවාදී දේශපාලන සංවිධාන විවිධ මත ප්‍රකාශ කරමින් සිටින බවද රංජිත් අලුවිහාරේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News