විශ්‍රාමික ස්ථානාධිපතිවරු 20ක් සේවයට

Share

විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතවරුන් 20 කට වැඩි පිරිසක් දෛනික වැටුප් පදනම මත  මේ වන විට සේවයට එක් වී ඇති බව ප්‍රවාහන රාජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා පවසයි.

එසේම සියලු ම දුම්රිය ස්ථාන ආශ්‍රිතව විශේෂ බස්රථ සේවාවක් ද ක්‍රියාත්මක කිරිමට උපදෙස් දි ඇති බවද ඔහු සඳහන් කළේය.

වැඩවර්ජනය හමුවේ වුවද අද (30) පෙරවරුවේ කාර්යාල දුම්රිය 10ක් ධාවනයයට එක් කළ බවද ඔහු පැවැසීය

අද පෙරවරුවේ,මහව හන්දිය,කුරුණෑගල,හලාවත,ගාල්ල,මහනුවර ,රඹුක්කන, හා අවිස්සාවේල්ල සිට දුම්රිය 6ක් කොළඔ කොටුව බලා ධාවනය කළ බවද ඔහු පැවැසීය.

Read more

Local News