ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 13ක් ඇප මුදල් තැන්පත් කරයි

Share

ඉදිරි ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයින් 13 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඊයේ (30) දිනය තුළ අපේක්ෂකයින් සිව් දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

නව සම සමාජ පක්ෂයෙන් බද්දේගමගේ නන්දිමිත්‍ර මහතා ඇප මුදල් තැන්පත් කර ඇති අතර සමාජවාදී සමානතා පක්ෂයෙන් නම්බුනාම නානායක්කාර අක්මීමන පල්ලියගුරුගේ වජිරපානී විජේසිරිවර්ධන මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ.

නව සිහල උරුමය පක්ෂයෙන් සරත් මනමේන්ද්‍ර මහතා ඊයේ දිනයේ ඇප මුදල් තැන්පත් කර ඇති අතර ජාතික සංවර්ධන පෙරමුණෙන් පල්ලෙවත්ත ගමරාළලාගේ රොහාන් පල්ලෙවත්ත මහතා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට ජනාධිපතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 9කින් සහ ස්වාධීන අපේක්ෂකයින් සිව් දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

Read more

Local News