විපක්ෂ නායකගෙන් නිවේදනයක්

Share

මහා පරිමානයෙන් පරිභෝජන ණය ගැනීමට වර්තමාන ආණ්ඩුවට සිදුවී තිබෙන්නේ මැතිවරණ ජයගැනීමට හා බලය රැකගැනීමට රජයේ මුදල් විසිකිරීම නිසා බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තමන්ගෙ බලය රැකගැනීමට යහපාලන ආණ්ඩුව කරන වියදම් සියල්ල අවසානයේදී ගෙවීමට සිදුවන්නේ මහජනතාවට බවද ඒ මහතා පෙන්වා දෙයි.

පසු ගිය ආණ්ඩු සමයෙත් රට තුල ආර්ථික අර්බුද ඇති වී තිබුණත්, වත්මන් ආණ්ඩු රටේ මූල්‍ය පාලනය අවුල් කළ බවත් ඒ තුළින් රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වූ පළමු අවස්ථාව මෙය බවත් මන්ද රාජපක්ෂ මහතා පවසයි.

යහපාලන ආණ්ඩුව ඇතිකළ ණය අර්බුදයේ වත්මන් තත්ත්වය යටතේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව පැහැදිලි කළේය.

යහපාලන ආණ්ඩුව රට තුල ඇතිකළ ණය අර්බුදය මේ වන විට අතිශයින්ම බරපතල තත්ත්වයකට පැමිණ තිබෙන බව විපකෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වර්තමාන ආණ්ඩුව 2015 ජනවාරියේදී බලයට පැමිණෙන අවස්ථාවේදී රුපියල් ට්‍රිලියන 7.39ක් වූ ලංකාවේ මුලු ණය බර, 2019 ජුලි මස අවසානය වන විට රුපියල් ට්‍රිලියන 12.64 ක්දක්වා 71% කින් ඉහල ගොස් තිබුණ බව ඒ මහතා සඳහන් කරයි.

මෙම ණය ගැනිල්ල  වඩාත්ම අවදානම් සහගත වන්නේ විදේශ විනිමය ණය වැඩි වශයෙන් ගැනීම නිස බව ඒ මහතා පවසයි.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන මූඩීස් සමාගමද මීට නොබෝ දිනකට පෙර ලංකාවේ මේ විදෙස් ණය ගැනීම ගැන විශේෂ අනතුරු හැඟවීමක් කර තිබු බවද විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

2015ජනවාරි මස සිට අද දක්වා වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, සවරින් බොන්ඩ්,කරන්සි ස්වොප්, සින්ඩිකේටඩ් ලෝන් යනාදී නොයෙක් මුලාශ්‍ර වලින් ඇමරිකානු ඩොලර් බිලියන 26 ක් ඉක්මවූ මුදලක් විදෙස් විනිමය ණය වශයෙන් පමණක් ලබාගෙන ඇති බවද විපක්ෂ නායකවරයා පෙන්වා සඳහන් කර තිබේ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වැඩිදුර තොරතුරු පහත පරිදි වේ,

“විදෙස් විනිමය ණය ගත්විට ඒ ණය සියල්ලම විදේශ විනිමයෙන්ම ආපසු ගෙවීමට සිදු වේ. රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වටිනාකම වැඩිවන විට විනිමය අනුපොතයේ ඇතිවෙන වෙනස්කම් නිසාද රටේ ණය බර නිරායාසයෙන්ම වැඩි වෙයි.

මහා පරිමාණයෙන් විදෙස් විනිමය වානිජ ණය ගැනීම මර උගුලක් වන්නේ මේ නිසාය. 2014 අවසානයේදී රුපියල්131 ක් වූ ඇමරිකානු ඩොලරය යහපාලන ආණ්ඩුව යටතේ සිදුවූ ආර්ථික පරිහානිය හේතුවෙන්, අදවන විට රුපියල් 183 දක්වා ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයට වැඩිවී ඇත.

2015  සිට රුපියලේ වටිනාකම බිඳවැටීම හේතුවෙන්ම පමණක්2018 අවසානය වන විට ලංකාවේ මුලු ණය බර රුපියල් බිලියන 1,709 කින් වැඩි වී තිබුණි.වත්මන් ආණ්ඩුවේ ණය ගැනීමේ සුවිශේෂම ලක්‍ෂණය වන්නේ ඒ කිසිවක් රට දියුණු කිරීමටලබාගත් ව්‍යාපෘති ණය නොව ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා ලබාගත් වානිජ ණයවීමයි.

මගේ ආණ්ඩුවෙන් ලබාගත් ණය ගැන යහපාලකයන් කතා කරන විට ඔවුන් හැමවිටම සඳහන් කරන්නේ නොයෙක් ව්‍යාපෘති සඳහා ගත් ණය ගැන පමණි. මගේ ආණ්ඩුව කාලයේ ව්‍යාපෘතියකට සම්බන්ධ නැති ණයක් ගැන පසුගිය අවුරුදු පහ මුලුල්ලේම යහපාලන ආණ්ඩුවේ අය කිසිඳු සඳහනක් කර නැති බව ජනතාවගේ විශේෂ අවධානයට ලක් විය යුතුය.

මගේ ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුකර, සවරින් බොන්ඩ්,කරන්සි ස්වොප්, සින්ඩිකේටඩ් ලෝන් වැනි මූලාශ්‍ර වලින් වානිජණය ලබාගැනීම ඉතාමත්මඅවම මට්ටමකින් පවත්වාගෙන ගියේය. අපේ පාලන සමයේ ව්‍යාපෘති සඳහා විදෙස් ණය ගනු ලැබුවේ 2% වැනි සහනදායි පොලියට දිගු කාලීන ණය වශයෙන්ය.

එසේ ලබාගෙන තිබෙන්නේද,යහපාලන ණය ගැනිල්ලට සාපේක්ෂව ඉතාමත්ම සුලු මුදලකි. නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන්ම ඉදිකිරීමට වැය වූයේ ඇ.ඩො. බිලියන 1.35 කි. හම්බන්තොට වරාය අද තිබෙනතත්වයට ගෙන ඒමට ගත් මුලු ණය ඩොලර් බිලියන 1.26 කි.

මාතර දක්වා දක්‍ෂිණ අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 740කි. මත්තල ගුවන්තොටුපලට ඩොලර් මිලියන 209කි. කටුණායකඅධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 292 කි. නෙළුම් කුලුණ ඉදිකිරීමට ගත් ණය ප්‍රමාණයඩොලර් මිලියන 67කි.

මේ සියලුම ව්‍යාපෘති වලට වැය වූ මුදල් එකට එකතු කළත්, යහපාලන ආණ්ඩුව මේ වසරේදී පමණක් සවරින් බොන්ඩ් දෙකක් හරහා ලබාගත් ඩොලර් බිලියන 4.4ටකිට්ටුවටවත් එන්නේ නැත.

යහපාලන ආණ්ඩුව විසින් අවරුදු පහකට අඩු කාලයක් තුළ ඇතිකළමේ ණය අර්බුදයේ තරම එයයි. මම පසුගිය වකවානුව පුරාම මේ ප්‍රශ්නය ගැන විටින් විට ජනතාව දැණුවත් කිරීමට පියවර ගත්තේ මෙහි ඇති බරපතලකම නිසාමය. මගේ ආණ්ඩුව ණය අරගෙන කළේ ආයෝජනයයි.

අද වන විට නොරොච්චෝලේ බලාගාරය අධික ලාභ ලබන ව්‍යාපෘතියකි. අධිවේගීමාර්ගද ලාභ ලබන බව විගනකාධිපතිවරයා ගිය අවුරුද්දේ පැවසීය. පුද්ගලික සමාගමකට අවුරුදු 99 කට බදු දී ඇති හම්බන්තොට වරායේ තට්ටු නවයේ පරිපාලන ගොඩනැගිල්ලෙන් 95% ක්දැනටමත්  වරාය ආශ්‍රිත වානිජ මෙහෙයුම් කරන නොයෙක් සමාගම් වලට බදු දී හමාර බව පසුගිය ඉරිදා මාධ්‍යයේ පලවිය.

එයින් පෙනෙන්නේ හම්බන්තොටවරායත් තව නොබෝ කාලෙකින් ලාභ ලබන තත්වයට පත්වෙන බවයි. මෑතකදී විවෘත කළ නෙළුම්කුලුනෙන්ද ආණ්ඩුවට විශාල ආදායම් ලබාගත හැක.  නමුත් පසුගිය අවුරුදු හතරහමාර තුළ යහපාලන ආණ්ඩුවෙන් ලබාගත් ඩොලර් බිලියන 26ක විදෙස් ණයෙන්, කිසිඳු කල්පවතින, ආදායම් උපයන ආයෝජනයක් කරනැත.

මගේ පාලන සමයේදී මහා පරිමානයෙන් පරිභෝජන ණය ගැනීමට සිදු නොවුණේත්, වර්තමාන ආන්ඩුවට එසේ කිරීමට සිදුවී තිබෙන්නේත් අන් කිසිවක් නිසා නොව යහපාලන ආණ්ඩුව මැතිවරණ ජයගැනීමට හා බලය රැකගැනීමට රජයේ මුදල් විසිකිරීම නිසාය.

තමන්ගෙ බලය  රැකගැනීමට යහපාලන ආණ්ඩුව කරන වියදම් සියල්ල අවසානයේදී ගෙවීමට සිදුවන්නේ මහජනතාවටමය. මීට කළින් පැවති ආණ්ඩු යටතේත්, මේ රටේ නොයෙක් ආර්ථික අර්බුද ඇති වී තිබුණත්, ආණ්ඩුවේ මූල්‍ය පාලනය අවුල් කිරීම තුළින්අපේ රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වූ පළමු අවස්ථාව මෙයයි.

ආණ්ඩුවේ මුදල් පාලනය කෙරෙහි මේ තරම් වගකීම් විරහිත ආකල්පයක් දැක්වූ වෙනත් කිසිම ආණ්ඩුවක් නිදහසින් පසුගත වූ අවුරුදු 71 දී අපි දැක නැත. ”

Read more

Local News