ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 17ක් ඇප මුදල් තැන්පත් කරයි

Share

ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදිම සඳහා මේ වන විට අපේක්ෂකයින් 17 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ ඉන් අපේක්ෂයින් 09 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ මඟින් ඇප තැන්පත් කර ඇති බවයි.

මෙයින් අපේක්ෂකයින් 8 දෙනෙකු ස්වාධීන හෝ පිළිගත් දේශාපාලන පක්ෂ නොවන පක්ෂවලින් බවද ඒ මහතා පැවසීය.

තවදුරටත් ඇප තැන්පත් කිරීමට වේලාව ඉතිරිව ඇති බවත් පැවසු දේශප්‍රිය මහතා, මෙම සතියේ ඉදිරි දින 3 හා ඔක්තෝබර් 6 වන දින පෙරවරු 8.30 සිට මධ්‍යහන 12 දක්වා ද ඒ සඳහා හැකියාව ඇති බව පැවසීය.

Read more

Local News