එජාප නායකත්වය මහ දවාලේ කොල්ල කන්නේ කවුද ?

Share

සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකත්වය ලබා ගත්තේ ජනාධිපතිවරණය දිනවීමට නොව ඒ මුවාවෙන් රනිල් විරෝධීන් එකතු කරගෙන එක්සත් ජාතික පක‍ෂ නායකත්වය මහ දවාලේ කොල්ල කෑමට බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාර කලේකම්, මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

චන්ද්‍රගුප්ත තේනුවර, ගාමිණි වියන්ගොඩ වැනි ඩොලර්වලට පමණක් කටවල් ඇරෙන ඊනියා සමාජ ක්‍රියාකාරීන් 2015 ජනවාරියේදී “යහපාලනය” ගැන සිදු කළ දේශනා යළි අරඹා ඇති බවත් රට රැකිය හැකි නායකත්වයක් 2019 ජනාධිපතිවරණයේදී බලයට ගෙන ඒමේ සමාජ අභිලාෂයට එරෙහිව යමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු පැටලවීමේ කොන්ත්‍රාත්තුවක් ඔවුන් අද ක්‍රියාත්මක කරන බවත් ඒ මහතාපෙන්වා දුන්නේය.

ගෙවීගිය වසර හතරහමාර තුළ මේ ඊනියා සමාජ ක්‍රියාකාරීන්ගේ යහපාලන සටන්පාඨ පුස්සක් වූ බවත් එම කාලය තුළ නීතිය නමන පොලිස්පතිවරුන්, සොලිසිටර් ජනරාල්ලා හා අල්ලස් කොමිසමේ අධ්‍යක‍ෂ ජනරාල්වරු බිහිවූ බවත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවට අරලියගහ මන්දිරය, විපක‍ෂයේ නායකයන්ට නඩු ගොනු කරන තැනක් වූ බවත් මොහොමඩ් මුසම්මිල් මහතා සිහිපත් කර සිටියේය.

නමුත් මේ අනීතික, ප්‍රජාතන් ත්‍රවිරෝධී නින්දිත ක්‍රියාදාමයට එරෙහිව මේ ඊනියා පුරවැසිබලයේ ඩොලර් කාක්කන්ගේ කටවල් ඇරුණේ නැති බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකන් පුරවැසිභාවය අහෝසි කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කර ඇත්තේ ඔහුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය තිබෙන බව 100%ක් තහවුරු වූ පසුව බවත් මේ ඩොලර්වලට කට ඇරෙන බත්බැලයන් ඒ බව හොඳින්ම දැන දැනත් ව්‍යාජ කරුණු සමාජගත කර ඇතිබව ද මොහොමඩ් මුසම්මිල් මහතා මෙහිදී අනාවරණය කළේය.

ගෝඨාභය රාජපක‍ෂ මහතාගේ පුරවැසිභාවය ගැන ප්‍රශ්න කරන මේ මහත්වරුන් ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිධුරයට පත්කරන විට ද ඔහු මහ බැංකුව කොල්ලකා මෙරටට රුපියල් බිලියන 3000ක අලාභයක් කළවිට ද පූස්පැටියන් මෙන් නිහඬව සිටිබව ද වැඩිදුරටත් සිහිපත් කර සිටියේය.

එසේම පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව, අලිපැටියකු නීති විරෝධීව රඳවා ගැනීම පිළිබඳ නඩු නිමිති සෑදූ මේ සිවල් ක්‍රියාකාරීන් අද ඇතින්නියන් 07 දෙනකු ඝාතනය කිරීමේ සිදුවීමට නම් පැටලැවී ඇති ” පුතාණෝ”  ගැන කටක් අරින්නේ නැති බවත් පෙන්වා දුන් මොහොමඩ් මුසම්මිල් මහතා මේ පිරිස 2015 කළ පරණ සෙල්ලම 2019 දී සිදු කිරීමට හිතනවා නම් එය වැරදීමක් බව ද සඳහන් කළේය.

Read more

Local News