රනිල්ගේ එජාප නායකත්වය සහ සජිත්ගේ ජනපති අපේක්ෂකත්වය පක්ෂ සමුළුවේදී ස්ථිර වෙයි

Share

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වයට පත්කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අද (03) පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනයේදී අනුමැතිය හිමි වුණි.

එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අද උදෑසන පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

එහිදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව සම්මේලනයට යෝජනා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කෙරුණි.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් එහිදි ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කළේය.

අනතුරුව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සම්මේලනයට  තවත් යෝජනා 05ක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත්තේය.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නොපැකිළිව ක්‍රියාකළ කථානායක කරූ ජයසුරිය මහතාට ගෞරවයණී ආචාර්ය පුද කළ යුතු බවට යෝජනාවක් ඇතුළු යෝජනා 06ක් පක්ෂ විශේෂ සම්මේලනයේදී අනුමත වුණි.

Read more

Local News