විදුලි රැහැනක ගැටී දෙදෙනෙක් ජිවිතක්ෂයට

Share

මහඔය පොලිස් වසමේ වාගස්පිටිය, පැන්තොට ප්‍රදේශයේ ඇද තිබු විදුලි රැහැනක ගැටී පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (03) දින මියගොස් තිබේ.

ප්‍රදේශයේ වන අලි හානිය වැලැක්වීම සඳහා වගා භූමියකට ඇද තිබු විදුලි රැහැනක මෙලෙස මෙම පුද්ගලයින් දෙදෙනා මිය ගොස් තිබේ.

විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක හේරත් බණ්ඩාරලාගේ උදයපාල නැමති වාගස්පිටිය, මහඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනෙක් පුද්ගලයා වයස අවුරුදු 30 ක් වු දිසානායක මුදියන්සේලාගේ ඉන්දික රුවන් නැමති එම ලිපිනයේම පදිංචිකරුවෙකි.

මහේස්ත්‍රාත් පරීක්ෂණ අද (04) දින සිදු කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News