කොළඹ නගරය ඩුබායි නගරය මෙන් ප‍්‍රධාන මූල්‍යමය හා නාගරීකරණයට ලක්වෙමින් දියුණුවන නගරයක් – අමාත්‍ය පාඨලී චම්පික

Share

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කාම්බෝජයේ පැවැති ව්‍යාපෘති සේවා සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබූ සම්මන්ත‍්‍රණයකට සහභාගී විය. එහදී ඒ මහතා පවසා අැත්තේ,
කොළඹ නගරය ඩුබායි නගරය මෙන් ප‍්‍රධාන මූල්‍යමය හා නාගරීකරණයට ලක්වෙමින් දියුණුවන නගරයක් බවට පරිවර්ථනය වන බවත්, තවද කලාපයේ අනෙක් රටවල් ශ‍්‍රී ලංකාවට වෙතම ආකර්ෂණය වන බවත්, ඊට ප‍්‍රධාන හේතු වශයෙන්, ශ‍්‍රී ලංකාව තුළ පාරිසරික අර්බුද මෙන්ම පරිසර දූෂණය, නාගරිකරණයේ අහිතකර බලපෑම් අඩුවීමද හේතු සාධක වී ඇති බවත් පැවසීය. ශ‍්‍රී ලංකාව ඔවුනට තිරසාර සාර්ථක ආර්ථික ආයෝජන අවස්ථා සපුරාලන රටක් බව ද එතුමා පැවසීය.
වර්තමානයේ ලෝකයේ සියල්ලන්ගේම අවධානය යොමු වී ඇත්තේ ආසියාව හා එහි ප‍්‍රධාන බලවේගයන් වන චීනය හා ඉන්දියාව දෙසටත් බවයි. එය අපටත් හොඳ අවස්ථාවක් වන අතර එමගින් ආක‍්‍රමණික වෙළඳ හුවමාරු සහ ආර්ථික කොල්ලකෑම් මගහරවා ගත හැකි බවද සඳහන් කළේ ය.
කොළඹ නරගය දියුණු කිරීමේ අභිප‍්‍රායෙන් ක්‍රියාත්මක කරන ලද බස්නාහිර මහානගර සංවර්ධන සැලැස්මේ ව්‍යූහාත්මක හා සංකල්පිත සැලසුම් අවසන් කර ඇති බවත්, ත්‍රිකුණාමලය දියුණු කිරීමේ සැලැස්මත්, හම්බන්තොට සංකල්පිත සැලැස්මත් ආරම්භ කිරීමට නියමිත බවත් පවසන ලදි.
කොළඹ මහනගර සංවර්ධන සැලැස්මට අනුව ගාලූමුවදොර, වරාය නගර සංවර්ධනයත්, කොල්ලූපිටිය සිට දෙහිවල දක්වා වෙරළබඩ නගර සංවර්ධනයත්, පෑලියගොඩ සිට ජා ඇල දක්වා වන සැපයුම් නගරයත්, කටුනායක ගුවන්තොටුපල සංවර්ධනයත්, හෝමාගම තාක්ෂණික නගරය හා බේරේ වැව අවට ව්‍යාපාර කේන්ද්‍ර නගර සංවර්ධනයත් අඩංගු වේ.
ආර්ථික සෞභාග්‍යයට අමතරව මෙම සංවර්ධන සැලැස්ම හරහා තිරසාර පාරිසරික සංවර්ධනයත් සමාජීය සමානාත්මතාවයන් සිට තනි පුද්ගලයාගේ සතුට හා මානසික තෘප්තිදය ද සලකා බන බවටද එතුමා පැවැසීය. තවද අමාත්‍යවරයා අවධාරණය කලේ කාම්බෝජය හා ශ‍්‍රී ලංකාව අතර සබඳතා වසර 100 කට වඩා වැඩි කාලයක සිට පැවතෙන බවත්, 13 වන සියවසේ දී පමණ දෙරට අතර සංස්කෘතික සබඳතා තදින්ම තිබුණු බවත් එම කාලයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන 3 ක් තිබුණු බවත් ති‍්‍රකුණාමලය, මන්නාරම හා හම්බන්තොට එම නගරයන් බවත් ය.
ථේරවාද බුද්ධාගම අදහන රාජ්‍යයන් දෙකක් වන දෙරට අතර ආගමික සම්බන්ධතාවය ද අදටත් තදින්ම පැවතෙන බවත් එහිදී අවධාරණය කරන ලදි.
වර්තමාන ශ‍්‍රී ලංකාව ත‍්‍රස්තවාදයෙන් තොර බවත්, ත‍්‍රස්තවාදය තුරන් කිරීම තුළින් ශ‍්‍රී ලංකාව දෙසට නෙත් යොමුවීම ලොකු හේතු සාධකයක් බවත්, ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතන ඉතා ඉහළ මටටමක තිබෙන බවත්, බොහොමයක් විදේශීය ශිෂ්‍යයින් ඒ සඳහා ආකර්ෂණය වන බවත්, මෙම අවස්ථාවන් ප‍්‍රයෝජනයට ගැනීම සඳහා කාම්බෝජය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද අවස්ථාව හිමිකර ගැනීමට හැකි බවද අමාත්‍යවරයා පැවසීය.
මෙම සම්මන්ත‍්‍රණය සඳහා ආසියාතික සහ දකුණු ආසියාතික රටවල් 10 ක් නියෝජනය කරමින් ආයතන හා සංවිධානයන් හි නියෝජිතයින් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජිතයින්ද  දැනුම හුවමාරු කර ගැනීම වෙනුවෙන් සහභාගී වූහ.

Read more

Local News