ඕනෑම ප්‍රශ්නයකට සජිත් සූදානම්න්

Share

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති මාලාව ජනතාවට ඉදිරිපත් කිරීම සඳහා ඔවුන්ට අවස්ථාව ලබා දීමේ අරමුණින් මාර්තු 12 සංවිධානය විසින් සංවිධාන කරන සංවාදයට අදාළ ප්‍රශ්නාවලිය එක්සත් ජාතික පක්ෂය වෙත ලබාදීම ඊයේ සිදු කෙරුණි.

‍ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති රටට ඉදිරිපත් කිරීම සඳහා මේ මස 05 වනදා පැවැත්වීමට නියමිත සංවාදයට අදාළ ප්‍රශ්නාවලිය ඊයේ එක්සත් ජාතික පක්ෂය වෙත ඉදිරිපත් කෙරුණි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා විසින් එම ප්‍රශ්නාවලිය භාර ගනු ලැබුවේය.

මේ පිළිබඳ අදහස් දැක්වු අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ එදිනට ඕනෑම ප්‍රශ්නයක සඳහා නොබියව පිළිතුරු ලබා දීමට එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සූදානමින් සිටින බවයි

Read more

Local News