පාස්කු ප්‍රහාරය‌ේ මහජන පැමිණි බාර ගන්න පංච පුද්ගල කමිටුවක්

Share

2019 අප්‍රේල් මස 21 වන දින සිදුවු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කොට වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

අභියාචනාධිකරණ විනිසුරු ජනක ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුවෙහි සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජකරුණා, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු යන මහත්වරු සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්.එම්.ආර්.අධිකාරී මහත්මිය පත් කර තිබේ.

මෙම කමිටුව සඳහා මහජන පැමිණිලි බාර ගැනීම 2019.10.14 වන දින දක්වා සිදු කෙරෙන බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.බී.පී.හේරත් මහතා දන්වා ඇත.

Read more

Local News