නිදහස් පක්ෂ අවසන් තීරණය අද ප්‍රකාශයට

Share

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය අද(07) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එම තීරණය අද පස්වරුවේ දැනුම්දීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මෙතෙක් පැවති සාකච්ඡාවලට සම්බන්ධ නොවූ පක්ෂයේ සාමාජික කණ්ඩායම් අතර ඊයේ පස්වරුවේ ද සාකච්ඡාවක්  පැවති බව සඳහන්ය.

එහිදී ඔවුන්ගේ ද එකඟත්වය මත සියලු දෙනාගේම ඒකමතික තීරණය පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  අද  දින ප්‍රකාශයට පත් කරනු ඇත.

කෙසේවෙතත් පෙරේදා රැස්වූ ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභාවේ දී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂයේ තීරණය දැනුම්දීමේ බලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරූ අතර ඊයේ එම තීරණය  දැනුම්දීමට නියමිතව තිබුණි.

Read more

Local News