එජාපය ළඟ ජනතා විරෝධී අනපනත් 14ක් තියෙනවා

Share

වත්මන් ආණ්ඩුව නැවත වරක් ජන වරමක් ඉල්ලා සිටින්නේ රටට අහිතකර අණපනත් රැසක් බලාත්මක කිරීමට බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

හෝමාගම ප්‍රදේශයේ ඊයේ (06) පස්වරුවේ පැවති ජනහමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ජනතා විරෝධී දේශිය ස්වාධීනත්වයට විරුද්ධ විදේශිය ගැති අනපනත් 14ක් මේ වන විට සම්මතකර ගැනීමට පෙළ ගස්වා ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

පසුගිය ආණ්ඩු සමයේ ඩොලරයකට ගෙවු මුදල රුපියල් 132ක් වුවද මේ වන විට එම මුදල 180ක් දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පැවසුවේ මෙ අනුව ශ්‍රී ලංකාවේ සම්පත් කුණු කොල්ලයට විදේශිය ගැනුම්කරුවන්ට විකිණිමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවයි.

එක්සත් ජාතික පක්ෂය ඡන්දය ඉල්ලන්නේ මෙවැනි කටයුතු සිදු කිරීමට බවත් නමුත් සිය පාර්ශවය කටයුතු කරන්නේ මහජනතාවගේ සුභ සිද්ධිය සඳහා බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

වැඩකරන ජනතාවට සහන ලබා දෙන අණපනත් සිය ප්‍රගතිශිලි ආණ්ඩුව විසින් නීති පොතට ඇතුලත් කළ බවද මන්ත්‍රීවරයා පැවසීය.

ප්‍රතිත්‍රස්ත පනත වැනි භායානක අනපනත් සම්මත කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඡන්දය ඉල්ල බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

Read more

Local News