මුන්දලම වෙරළෙන් නාඳුනන මළ සිරුරක්

Share

මුන්දලම පුනපිටිය පරිප්පාඩු වෙරළට අද(07) දින අළුයම නාදුනන පිරිමි මළ සිරුරක් ගොඩ ගසා තිබු බව මුන්දලම පොලීසිය පවසයි.

පරිප්පාඩු වෙරළට ගොඩ ගසා තිබු මෙම නාඳුනන මළ සිරුර පිරිමි අයකුගේ බවත් වයස අවුරුදු 50 ත් 60 අතර වයසක පසුවන අයකුගේ බවද පොලීසිය සඳහන් කරයි.

අඩි පහයි අගල් තුනක් පමණ උසකින් වු මෙම තැනැත්තාගේ හිස කෙස් සුදු පැහැති අතර සිරුරේ කිසිදු බාහිර තුවාල නොමැති බව පොලීසිය පවසයි.

දින දෙකකට පෙර මෙම තැනැත්තා මරණයට පත්වන්නට ඇතැයි පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.

පොලීසිය පවසන්නේ මෙම ස්ථානයට යාබද ස්ථානයකට මසකට පෙර තවත් නාඳුනන මළ සිරුරක් ගොඩ ගසා තිබු අතර එය සම්පුර්ණයෙන් නරක් වි තිබු බවයි.

අදාල මළ සිරුර සම්බන්ධව පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා විසින් මහෙස්ත්‍රාත් පරික්ෂණය පැවැත්විමට නියමිතව තිබුණි.

මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසුව සිරුර පුත්තලම මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කිරීමට කටයුතු කරන බව මුන්දලම පොලිස්ථානාධිපති බි.ජී.සී.ආර් .ගුනතිලක මහතා පැවසිය.

Read more

Local News