ජනපති අපේක්ෂ සජිත් දරුවාගේ මනසේ ඉන්නේ බුරුවෙක්

Share

රංජන් රාමනායක යන නළුවා සම්බන්ධයෙන් නිසි වැටහිමකට පැමිණියේ ඔහු දේශපාලනයට පැමිනි විට බව පසුගිය දිනක තමන්ට හමු වු දරුවෙකු පැවසු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණ වර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රදේශයේ ඊයේ (06) පැවති ජන හමුවක් අමතමින්.

තමන්ට හමු වු ඒ දරුවාගේ මනසේ රංජන් රාමනායක නළුවා වීරයෙක් බවට පත් වී සිට ඇති නමුත් පසුව ඔහු දේශපාලනයට පැමිනි විට ඔහුගේ හැරිම් සහ කටයුතු කිරීම් අනුව රංජන් අමාත්‍යවරයා එම දරුවාගේ මනසේ බුරුවේකු බවට පත් වී ඇති බවද එම දරුවා තමන්ට පැවසු බව මන්ත්‍රී රෝහිත පවසයි.

එසේ පැවසුවේ කුමන් කාරනායකට යන්න තමන් එම දරුවාගේන විමසු විට, එසේ පැවසුවේ වර්ථමානයේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ද වර්තමානයේ “බුරුවෙකු”  වී ඇති බව නිසාවෙන් බව එම දරුවා තමන්ට පැවසු බවද රෝහිත මන්ත්‍රීවරයා පැහැදි කළේය.

දරුවා පැවසු පරිදි ඇමති සජිත් ඔහුගේ මනසේ වීරයෙක් වුවත් ජනාධිපති අපේක්ෂ සජිත් දරුවාගේ මනසේ ” බුරුවෙක්” ඇති බව එම දරුවා පැවසු බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

Read more

Local News