අගමැති සහ චීන නිලධාරීන් පිරිසක් අතර හමුවක්

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන කොමියුනිස්ට් පක්‍ෂ ජාත්‍යන්තර සම්බන්ධීකරණ දෙපාර්තමේන්තුවේ සහාය අමාත්‍ය වං යජුං මහතා ඇතුලූ දූත පිරිස අතර විශේෂ හමුවක් අද (14) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට චීන කොමියුනිස්ට් පක්‍ෂ ජාත්‍යන්තර සම්බන්ධීකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ෂැං ෂුයි, චීන කොමියුනිස්ට් පක්‍ෂ මධ්‍යම කමිටුවේ ප්‍රතිපත්ති පර්යේෂණ අධ්‍යක්‍ෂ ලිබින්, චීන කොමියුනිස්ට් පක්‍ෂ ජාත්‍යන්තර සම්බන්ධීකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හු ෂියාඕඩොං, තෙවන ලේකම්වරුන් වන ටැං වෙයි සහ ෆු වෙයිරන්, පරිවාර නිලධාරී (දේශපාලන) ෂැං නයිකි යන මහත්වරු චීන දූත පිරිස නියෝජනය කරමින් සහභාගි වූහ.

Read more

Local News