පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් ප්‍රපාතයකට ප‌ෙර‌ළෙයි – ළමුන් 18 ක් රෝහලට

Share

හැටන් සිට බගවන්තලාව දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කල පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබේ.

එම බස රථයේ ගමන් ගත් පාසල් ළමුන් 18 සහ වැඩිහිටියන් 10 දෙනෙක් තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව හැටන් පොලීසිය පවසයි.

අද (08) පස්වරු 3.00 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයේදීය.

ධාවනය වෙමින් තිබු බස් රථයේ ඉදිරියට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලොරි රථයට ඉඩ ලබා දිමට යාමේදි බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 පමණ ප්‍රපාතයට පෙරලි ඇති බව පොලීසිය පැවසූවේය.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ  ප්‍රදේශයේ දැඩි අයහපත් කාලගුණ තත්ත්වයක් පැවති බව පොලීසිය සඳහන් කරයි.

හැටන් ප්‍රදේශයේ පෞද්ගලික ජාත්‍යන්තර පාසලක අද පැවති පුජාවකට සහභාගි වි ආපසු නිවස කරා යමින් සිටි ළමුන් පිරිසක් සහ ඔහුන්ගේ දෙමාපියන් පිරිසක් මෙලෙස තුවාල ලබා ඇත.

අනතුරෙන් තුවාල ලැබු ළමුන් වයස අවුරුදු 6 ත් 15 අතර වයස් කාණ්ඩවල පසුවන අය බවත්, තුවාල ලැබු පාසල් සිසුන්ගේ සහ වැඩිහිටියන්ගේ තත්ත්වය බරපතළ නොවන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් පැවසුවේය.

අනතුරින් බස් රථයේ රියදුරාද තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර අනතුර පිළිබඳව හැටන් පොලීසිව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Read more

Local News